Tuesday, November 27, 2012

මම M.I.A (MISSING IN ACTION) වූයේ නිකමට නොවේ!

උපන් දිනයෙන් සතියක් යන්නත් කලින් අසාධ්‍ය ලෙඩෙක් වීම යනු ලෝක පවක් පලදීමක් වැනිය..
හරියටම දවස් දෙකක් තිස්සේම,මුලු දවසම මම කළ ලොකුම වැඩය වන්නේ ගුලිවී දොයියා ගැනීමය.
(ඒ සඳහා මට හෙන දක්ෂතාවක්ද ඇත :D)

මම බෙහෙත් බොන්න කැමතිම නැත.ඒ ඉලව් බිව්වාට ලෙඩ හොඳ වෙන්නේද නැත,නිකම් ඉන්න බැරි කමට තිත්ත ගුලි ගිලීමෙන් මට තියා කාටවත් කිසිම හොඳක් මෙතෙක් නම් වී නැති නිසාය.අනික බේත් ගන්නට ඩොකා මාමා ලඟට ගිය විට එයාටද ලොවෙත් නැති ප්‍රශ්න මතුවේ.ඒ හැම කෙහෙම්මලටම මම උත්තර දිය යුතුය.උසාවි ගියාම අහන්නේත් නැති බූරු ප්‍රශ්න වලට උත්තර දෙන්න මට ආසාවක් නැත.
එනිසා මොන ලෙඩේ ආවත්,එච් අයි වී හැදුණා උනත් මම නම් ඩොකා මාමා ලඟට යන්නේ නැත..
(ඩොකා ඇන්ටී හෝ ඩොකා අක්කා කෙනෙක් නම් පොඩි සංශෝධන පාරක් දමමි.
P.S
ග්‍රැමර් අප්සට් වාගේ නම් ඩොකී ***** කියා දාගත්තාට මගෙන් නම් කිසිම අවුලක් නැත)

මට සනීප වේගෙන එද්දී මගේ කොම්පුටරය ලෙඩ විය.ඒකිට මගෙන් ලෙඩ බෝඋනාද කියන එක නම් මට එච්චරම සුවර් නැත.සමහරවිට මම අසනීප උන නිසා ඒ දුකට වෙන්නැති.

මගෙ බජට් එක හෙන අප්සට්ය.අතේ සතේ නැති වී හන්ටර් වී ඇත..
සල්ලි උවමනාම වෙලාවලදී අන්තෙටම හන්ටර් වීම මට හැම නිතරම වාගේ සිද්ද වේ.මේ වතාවේදීත් සේම් ෂිට් හැපන්ඩ් විය..
ඌරු කැටේ හෙවත් පිගී බෑන්ක් එකේ තිබුනේම රුපියල් දාහතයි සත පනහකි.රේසරයක් ගන්නත් ඒක මදිය.අලුත්ම රේසරය රුපියල් දහ අටකි ;)
(P.S-අර රැවුල කපන ගමන් ඉස්ටෙප් අප් හතර[Step up 4] එකේ වගේ නටන එක...)

සල්ලි හොයා ගන්න සති දෙකකට වඩා ගියේය,හොයා ගත් ආකාරය ප්‍රසිද්ධ කරනු නොලැබේ,මට දැන්මම හිරේ යන්න ආසාවක්  නැති නිසාය....
දැම්මම හිරේ යෑම නිසා ජාතික වීරයෙක් වී චන්දය ඉල්ලීම පමනක් කළ හැකි අතර මම චන්දය දාන හැටි වත් දන්නේ නැති නිසා එයින් වැඩක් වන්නේ නැත.අනික මම හිරේ ගියත් මයිකල් ස්කොෆීල්ඩ් දුන්නාටත් වඩා හෙන ගේම් දෙන බැවින්ද මට නිසැකවම මීලඟ පොදු අපේක්ශකයා වුවත් විය හැකි බව දන්නා නිසාදෝ කොහෙද ඉහළ බලධාරීන් මම හිරේට එන්නටත් පෙරම මගෙන් "අනේ සෑර් හිරේට එහෙම එන්න එපා මගෙ දෙයියෝ@#$%..." කියා අඬා දොඩා මගේ දෙපා නැමැදූ බැවින් ඔවුන්ගේ සුබ සිද්දියද මොකක්ද එක වෙනුවෙන් මම හිරේ නොයා සිටිමි.

P.S-මයිකල් ස්කොෆීල්ඩ් කවුද කියා දන්නේ නැත්නම් ලංකාවේ ටීවී වල පෙන්නන ගොන් සීන් බැලීම පෝස් කර ලොවේ සිදුවන ලොවෙත් නැති සීන් ගැන පොඩ්ඩක් හොයන මෙන් ඉල්ලා සිටිමි.

කොම්පියුටරයට කෙළ වූවායින් පසු මට වැඩිපුරම සිදු වූයේ ටීවී නොහොත් නවීන ශිෂ්ටාචාරයේ අබ්ලික් ෂිට්බොක්ස් මෙව්වා එක බැලීමටය.උන් පෙන්නනා දෙයක් අපි බැලිය යුතුය.කෙනෙකු සමඟ කෝපි බොන එකා වෙන චැනලයක තවකෙකු සමඟ වඩේ කා කහට බොයි.අපි උන් කන බොන එක බලා සතුටු විය යුතුය.තවත් මෙව්වා එකක තඩි සුදු තොප්පි දාගත් අය හෙන හෙන කෑම හදන අතර අන්තිමට කොහේදෝ ඉන්නා පොරක් ගෙන්නවා ඒවායින් හෙන පොඩ්ඩක් දී කන හැටිද , කන්න දෙන්නට පෙර කෑම එක පෙන්නා ඉන්පසු හැලෙන කෙළ පිහිදාගන්නා හැටිද , අන්තිමට කාලා කට පිහිදාගන්නා හැටිද ලයිව් පෙන්නයි.අපි එම තැනැත්තා කන එක දැක සතුටු වෙමු.හොඳ වෙලාවට එහි බොන්න මුකුත් දෙන්නේ නැත.හවසට කාටූන් යයි.සමහර ඒවා හොඳය.තවත් සමහර ඒවා මෙලෝ රහක් නැත.නමින්ම කියනවා නම් අර මෙව්වා වාහිනිය චැනල් එකේ(මොණරෙක්ද කාක්කෙක්ද ඉන්න එක තමා) යන ඒවා නම් දැක්කම බල්ලෝත් බත් නොකන සයිස් එකේය..
ඊට පස්සේ අනුන්ගේ කුණු කන්දල් ඇවිස්සීම හෙවත් නිවුස්ය.ඒ ඉලව්වේද බලන්න දෙයක් නැත.රූප රාජිනි තරඟයක තරඟකාරියන් මෙන් එක එක තුමාලා අනිකාට වඩා තමාගේ මෙව්වා එක හොඳ යැයි ඔප්පු කරන්නට නැට්ට හපාගෙන වලිකති.ඊලඟට හෙන සීරියස්ම මෙව්වා එක වන ටැලි නාට්ටි ද මොක්කද්ද එකය.චැනල් හැම එකේම ඒවා යයි.ඔක්කොම එකම් ආච්චුවේය.ඔක්කොම ලව් කතා ලේබලයෙනි.කොල්ලාද කෙල්ලද දුශ්ඨයාද ජෝකර්ද ඒවායේ අනිවාර්ය චරිතය.ලව් සීන් එකක්,දුශ්ඨයාගේ හරීම නරක මෙව්වා එකක් හා ජෝකර්ගේ හිනා නොයන ගොන් මෙව්වා එකකින් පසු වෙනත් එකකට වෙලාව එයි.ඒකද කලින් එක වාගේමය.වෙනස චරිත වල නම් හා දුප්පත් පොහොසත් මෙව්වා එක විතරය..

මේවා බලන එවුන්ට පිස්සු නොහැදී තියෙන්නේ කොහොමදැයි මම හෙණට කල්පනා කළෙමි.
මට පස්සේ සීන් එක අන්ඩරිස්ටෑන්ඩ් වුණේය..හේතුව බඩු මිලය.හැදෙන්නට තව පිස්සුවක් ඉතූරුව නැත.එනිසා තියෙන තුට්ටු දෙකෙන් මොනවාහරි බඩට දාගන්න දෙයක් දවල් දවසේදී හොයාගන්නා මිනිසුන්,ඒ හොයාගන්නාලද දේවල් කාගැනීමට හා දිරවා ගැනීමට භාවිත කරන්නේ ටීවී එකේ යන ඊටත් වඩා මෙලෝ රහක් නැති ඉලව් ය.ඒවා දකින විට හොයාගත් ආහාරය හෙන රසට දැනෙනවා විය යුතුය..

මම මෙම අයිඩියා එක හෙටම විද්‍යාඤ්ඤ සමුලුව හෙවත් සෑන්ටිස් ගෲප් එකටද,බී බී සී එකටද ටයිම්ස් සඟරාවටද එංගලන්තයේ මහ රැජිණට හා කුමාරයා අයියලාගේ වෙන්ඩ වයිෆ්ලාට හෙවත් වෙන්ඩ කුමාරී අක්කලාටද  නේචර් සඟරාවටද සෙලීනා ගෝනමස් නඟාටද ප්ලේබෝයි සඟරාවටද ජස්ටිං බාබර් නඟාටද එෆ් බී අයි එකටද ගිනස් පොතටද ඇච්චා බබා පත්තරේටද ලහිපිට මෙව්වා එකටද ගූගල් එකටද ගමේ පොලීසියේ කන්කොටා අංකලයාටද ෆේස්බුක් එකටද ඔබාමා මාමාටද විකිලීක්ස් එකටද බැට්මෑන්ටද ලිඛිතවම , මුද්දර ගැසීමට හිතාමතාම අමතක කරන ලද ලියාපදිංචි තැපෑලෙන් සෙන්ඩ් කරමි.....


මට හිතෙන්නේම මගේ මෙම තියරිය නිසා මට අනිවා නයිට් පදවියක් හෙවත් ශ්‍රීමත් සෑර් පට්ටමක්ද , මෙඩල් ඔෆ් හොනර් පදක්කමක්ද , කලාභූෂණ මළ සමයං පතරංග දේශප්‍රේමී අභූත විභූත පලඟ පතිර විද්ද සද්ද උපාසක සීලවන්ත හෙණ ෂෝක් ස්වීට් සෙක්සි හැන්ඩ්සම් එළ කොල්ලා නම්බු නාමයද , මගේ නමින් ගම් දනව්,නගර,පාරවල් හා පිට්ටනිද වැව් හා බෝක්කුද නම් කෙරෙනු ඇති.ඉස්සරහට ඉපදෙන පොඩි උන්ට මගේ නම දැමීම නිසා අනාගතයේදී මගේ නම පාවිච්චිය වැලකීම සඳහා 15 වන පනත හෙවත් ගරු කළයුත්තන්ට ගරු කිරීමේ පනත ගැටස් කිරීමද සිදුවේ..එලෙසම මට ගරු කිරීම සඳහා ලංකාවේ මීලඟ චන්ද්‍රිකාව මගේ නමින් නම් කිරීමද සිදුවේ..


මම හෙන ෆේමස් සුපර් ඉස්ටාර් කෙනෙක් වෙන්න ඉන්නා නිසා දැන් ඉඳලාම රැම්බෝගේ වගේ පිට් බොඩියක් ලබා ගන්නට වැලිගමයාගේ ජිම් එකට යාමට ප්ලෑන් කර සිටිමි..ඊළඟට සිහාන් අක්කාගේ වහේ සූකිරි වොයිස් එකක් ගන්නට වැල්පෙනෙල,කොහිල,රත් කෙහෙල් , පතොක් , මඤ්ඤොක්කා , නියඟලා , හුටාමාරිය හා මී පැණි එකට දමා බිංකුණ්ඩෝ ඉස්ටු+සුප් එකද දවස ගානේ බොන්නට හිතාගෙන ඉමි.දැන් බ්‍රිට්නි ඉස් පියර්ස් ඇන්ටීද ගංග්නම් සිටයිල් ඉගෙන ගන්නා නිසා මම එය පරාද කිරීමට කැබරේ ඩාන්ස් ඉගෙන ගෙන කැබරේ+ගංග්නම් රී මික්ස් එක වන කැබංග්නම් ඉස්ටයිල් එක ඉන්වෙන්ට් කර මියුසික් වීඩියෝ එකක්ද ගසමි.පාල මාමා හෙවත් (ඔහු කියන විදියට පාතාල)අංකල් අයියාට හෙනට ඩාන්ස් පුලුවන් බැවින් පාල මාමාගේ ඩාංසිං ඉස්ටාර් ඇකඩමියට යන්නට හිතා ඉමි..

බිච් ප්ලීස් ඇන්ඩ් මට ජය වේවා මෙව්වා එක වේවා!

Sunday, October 14, 2012

ලොව විශිෂ්ඨතම දවස අදයි...ඇයි ඒ???


අද මගේ උපන් දිනය දවසය..

අනිත් දවස් වලට වඩා වෙනසක් නැතැයි සිතුවෙමි,ඇත්තටම වෙනසක් නැත,අද පෑව්වේ නැති එක පමණි.සුබ පැතුම් එකසිය ගානට එයි.සමහර අයට පාටි ඕන වී ඇත.මම වයසට යනව , උන්ට පාටි. :(

සමහර අයට කේක් ඉල්ලා ඇත, :S

හැමෝම දන්නවනෙ යකුනේ මං ඔය ජරා කේක් කටේ වත් තියෙන්නෙ නෑ කියල.මොන බම්බුවකට කේක් හොයනවද මන්දා..

කෝම කෝම උනත් මාව අමතක නොවුණ එකට මට ඇත්තටම සන්තෝසයි,සිරාවටම,බොක්කෙන්ම....

සුබපැතුම් තවමත් එයි,එකක් වත් දැන්ම හරියකට කියවා බලන්නේ නැත..පස්සෙ බලන්නත් මොනාහරි තියෙන්න එපැයි.


අද වෙනදා වගේ නැතුව ටිකක් කලින් නැගිට්ටා,9.30 ට විතර ;)

උපන් දිනේ දවසෙ මොනාහරි කරන්න ඕන කියල හිතුණ,හැදුව බ්ලොග් එකක්..
"උපන්දා සිට" කියවල තිබ්බට මං ඒ වගෙ විකාර ඩයරියක්වත් ලියල නෑනෙ කවදාවත්.සිස්සත්ත කාලෙදි ගෙදර වැඩට මාස හයක් වත් අඩුම ගානෙ ඩයරියක් ලියන්න දුන්න මතකයි,මම ලිව්වෙ දවස් තුනයි,මාර කම්මැලි.අනිත් උන් ඔක්කොම මාස හයම මොනවදෝ කුරුටු ගාල තිබුණ,කාපු බත් එකේ තිබ්බ දේවලුයි,කෑවෙ වම් අතින්ද දකුණු අතින්ද කියල,ගෙදර ඉන්න සත්තු ගාණ (ලියන කෙනා නැතුව) වගෙ විකාර තමා ලියල තිබ්බෙ,මට ලාවට වගෙ මතකයි.සමහරු හැමදාම බල්ලව නාවල (සබන් කැටයක් වගෙ දියවෙච්ච බල්ලො තමා අන්තිමට ඉතුරු වෙන්න ඇත්තෙ),සමහරු පාඩම් කරල දවසෙම (පව් නේ?),තව සමහරු දවසෙම නාල,සමහරු දවසෙම පොල් ගහක ඉඳල තියෙන්නෙ...ඔහොම දේවල් තමා තිබ්බෙ.පොඩි උන්ට කොහෙද ඩයරි වල ලියන්න දේවල් කල්පනා වෙන්නෙ,සිස්සත්ත බම්බුවටත් කලින්නෙ ඔය චාටරේ කන්න උණේ...

මාස හයක් පුරාවටම ආනන්තරිය ටොම් පච ලිව්වට මොකද කවදාවත් කිසිම ගුරුවරයෙක්ට ඒක බලන්න ඕන උණේ නෑ..ඒකෙදි මම විතරයි කුකුළා,පන්තියෙ අනිත් ඔක්කොම කිකිළියො!  :D

මීට කලින් ලියලත් නෑ,අනුන්ගෙ ඩයරියක් කියවලත් නෑ,ඒත් මම අද ඉඳන් ලියනව.මොන උලව් ලියවෙයිද කියල කවුද දන්නෙ,මම දන්නෙත් නෑ....

කවුරු කියවයිද,කිසිම කෙනෙක් කියවන එකක් නැද්ද,මට ගාණක් නෑ.මට හිතුණම මම ලියනව,හිතුණොත් නොලිය ඉන්නව...

මමත් ඩයරියක් ලියන්න පටන්ගත්ත එහෙනම්.... :O

මට සුබ අනාගතයක්!